රාජගිරියේ අනතුරකින් පාසල් සිසුවෙකු මරුට, 04 කට බරපතලයි

Sunday, 12 November 2017 - 11:28

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%2C+04+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රාජගිරිය - සිල්වා පටුමග ප්‍රදේශයේදී කැබ් රථයක් තාප්පයක ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් රාජකීය විද්‍යාලයේ උසස්පෙළ හදාරණ  පාසල් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල  බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කැබ් රථය පැදවූ පාසල් සිසුවාට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුරට ලක්වූ කැබ් රථයට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක් ද තාප්පයේ ගැටී ඇති අතර, එහි රියදුරුද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ප්‍රදර්ශනයක සංවිධාන කටයුත්තක් සඳහා සහභාගිවී යළි නිවෙස් වෙත යමින් සිටියදී මෙම සිසුන් අනතුරට ලක්ව ඇති බව වැලිකඩ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories