පොලිස් නිලධාරියෙකු පාසල් සිසුවෙකු නිරුවත් කළ බවට දෙමාපියන්ගෙන් චෝදනා

Tuesday, 14 November 2017 - 9:09

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී නිරුවත් කිරීම නිසා අපහසුතාවට පත්වූ පාසල් සිසුවෙකු පිළිබඳ තොරතුරු හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එමෙන්ම මේ හේතුව නිසා සිසුවා පාසල් යාම ද ප්‍රතික්ෂේප කොට නිවස තුළටම වී කාලය ගත කරන බවයි ඔහුගේ දෙමාපියන් සඳහන් කළේ.

මීට අමතරව සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිතව ඇති බැවින් එම විභාග කටයුතු ද අඩපණ වී ඇති බව දෙමාපියන් චෝදනා කළා.

පසුගිය 11 වන දා හලාවත - මාළිගාවත්ත ප්‍රදේශයට පැමිණි හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීමක් සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී කිසියම් හේතුවක් මත මෙම සිසුවා ඇද සිට සරම කඩා ඉවත් කිරීමට පොලිස් නිලධාරියෙකු කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සිද්ධිය වන විට ඒ අවට ප්‍රදේශවාසීන් සහ දරුවාගේ යහළුවන් සිට ඇති බැවින් තම දරුවා දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය හලාවත පොලීසියෙන් විමසීමක් කළ ද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තමන් වෙත මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories