මිල්ලනියේ නිවසක දෙදෙනෙකු ගෙළ වැළලාගෙන

Tuesday, 14 November 2017 - 10:02

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
හොරණ - මිල්ලනිය - පරගස්තොට ප්‍රදේශයේ නිවසක ගෙළ වැළලාගෙන මිය ගොස් සිටි තරුණයෙකුගේ සහ තරුණියකගේ මළ සිරුරු පොලීසිය ඊයේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ හොරණ, පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි කෝසල ෆොන්සේකා නැමැති 28 හැවිරිදි තරුණයෙක් සහ හොරණ, කින්මන්කඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කෝසලී මහේෂිකා නැමැති 19 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇති තරුණයා එක්දරු පියෙක් වන අතර ඔහු ඇඟලුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන රථයක රියදුරු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

සියදිවි හානිකරගත් 19 හැවිරිදි තරුණිය එම ඇඟලුම් ආයතනයේ සේවය කර ඇති අතර මෙවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෙවුන් දෙදෙනා මුහුදු වෙරළට ගොස් ලබාගත් ඡායාරූපයක් තරුණියගේ ජංගම දුරකථනයේ තිබී එය දෙමව්පියන් දැක තිබෙනවා.

 පසුව ඒ සම්බන්ධයෙන් ඇයගේ පියා විසින තරුණියට තරවටු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ (13) අලුයම අදාල තරුණය යතුරුපැදියකින් පැමිණ 19 හැවිරිදි තරුණිය නිවසින් කැඳවාගෙන ගොස් ඇතිඅතර ඔවුන් දෙදෙනා  යතුරුපැදියේ නැගී යන අයුරු අසල අවමංගල්‍ය නිවසක  සිටි පිරිසක් දැක තිබෙනවා.

පසුව තරුණියගේ ඥාතින් විසින් මේ සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසියට පැමිණිලි කර ඇති අතර තරුණයාගේ මිතුරෙකු විසින් සිය මිතුරාට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන් බව සඳහන්.

ලබාගන්නා දුරකථන ඇමතුම් සදහා සිය මිතුරා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඔහු ජීවත්ව සිටි පරගස්තොට ප්‍රදේශයේ නිවසට ගොස් තිබෙනවා.

ඔහු එහි යන අවස්ථාවේදී නිවසේ විදුලි පහන් දල්වා තිබී ඇති අතර මිතුර විසින් ජනේලයෙන් බැලීමේදී නිවස තුල බාල්කයක තරුණිය සහ තරුණයා තන්ගුස් ලනුවක් ආධාරයෙන් එල්ලී, සියදිවි හානිකරගෙන ඇති අයුරු දැක තිබෙනවා.

අඩි 12ක් පමණ දිග බලකායේ හරි මැදට වන්නට දැමූ  ලනුවක දෙපැත්ත්තේ මොවුන් දෙදෙනා එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories