පෙට්‍රල්වලට භූමි තෙල් මුසු කරන ජාවාරම් ගැන පරීක්ෂණ

Tuesday, 14 November 2017 - 12:37

%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පසුගිය දා ඇති වූ පෙට්‍රල් හිඟයත් සමඟ පෙට්‍රල්වලට භූමි තෙල් මුසු කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දඹුල්ල ප්‍රදේශයෙන් ඊයේ අනාවරණ වූ පෙට්‍රල් වලට භූමි තෙල් මුසු කිරීමේ ජාවාරමත් සමඟ මෙලෙස පරීක්ෂණ ආරම්භ කළ බවයි.

මේ අතර, පෙරේදා දිනයේදී තවත් ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 38,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

එහි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 8000ක් ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 30,000ක් ද අඩංගු වන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පසුගිය දා ඇති වූ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටු වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතව තිබෙනවා. 

පැවති ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 07 වන දා අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත්කළා.

ඊට අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් අමුණුගම සහ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළත්.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories