සරම ගැලවීම ගැන විමර්ශනයට පොලීසිය සූදානම්

Tuesday, 14 November 2017 - 12:53

%E0%B7%83%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
හලාවත පොලීසියේ නිලධාරියෙකු විසින් පාසල් සිසුවෙකු ප්‍රසිද්ධ ස්ථානයක නිරුවත් කළ බව කියන සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ පිළිබදව විමර්ශනය කළ හැකි බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මේ වන විට එවැනි කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී නිරුවත් කිරීම නිසා අපහසුතාවට පත්වූ පාසල් සිසුවෙකු පිළිබඳ තොරතුරු හලාවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එමෙන්ම මේ හේතුව නිසා සිසුවා පාසල් යාම ද ප්‍රතික්ෂේප කොට නිවස තුළටම වී කාලය ගත කරන බවයි ඔහුගේ දෙමාපියන් සඳහන් කළේ.

මීට අමතරව සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිතව ඇති බැවින් එම විභාග කටයුතු ද අඩපණ වී ඇති බව දෙමාපියන් චෝදනා කළා.

පසුගිය 11 වන දා හලාවත - මාළිගාවත්ත ප්‍රදේශයට පැමිණි හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීමක් සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී කිසියම් හේතුවක් මත මෙම සිසුවා ඇද සිට සරම කඩා ඉවත් කිරීමට පොලිස් නිලධාරියෙකු කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සිද්ධිය වන විට ඒ අවට ප්‍රදේශවාසීන් සහ දරුවාගේ යහළුවන් සිට ඇති බැවින් තම දරුවා දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories