යේමනයේ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 06 ක් මරුට

Tuesday, 14 November 2017 - 14:57

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+06+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යේමනයේ - ඒඩ්න් නුවර හමුදා කඳවුරක් ආසන්නයේ අද සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

යේමනය, සෞදි අරාබිය සමඟ එක්ව හවුති සටන්කාමීන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයේ වගකීම කිසිවෙකු මෙතෙක් භාරගෙන නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories