තෙල් අර්බුදයට හේතුව සංස්ථාවේ වරදක් බව කැබිනට් අනුකමිටුව කියයි

Wednesday, 15 November 2017 - 7:41

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගියදා ඇතිවූ ඉන්ධන අර්බුදයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රමාණවත් පරිදි තොග පවත්වාගෙන නොයෑම බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.

අදාළ වාර්තාව එම අනුකමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

පසුගිය 03 වනදා සිට සතියකට ආසන්න කාලයක් රට පුරා පෙට්‍රල් හිඟයක් ඇතිවුණේ ලංකා ඉන්දීය ඔයිල් සමාගම මෙරටට ගෙන්වූ පෙට්‍රල් නිසි පිරිවිතරයන්ට නොතිබීම හේතුවෙන්.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන්වනු ලැබූ පෙට්‍රල් නෞකාවක් ද දිවයිනට ළගාවීම ප්‍රමාද වීම රට පුරා ඇතිව තිබූ පෙට්‍රල් හිඟය තවත් උග්‍රකිරීමට හේතුවක් වුණා.

පැවති තත්වය හමුවේ ඒ පිළිබඳව සොයාබැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍ය අනු කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය 07 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories