පුංචි ඡන්දයේදී ඒකාබද්ධය තනිව ඒමේ සූදානමක්

Wednesday, 15 November 2017 - 8:01

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80+%E0%B6%92%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරිපත් විය යුතු බවට එහි බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

සාකච්ඡාවට එක්ව සිටි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරඟ කළ යුතු බවටයි.

කෙසේ වෙතත්, බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පුංචි ඡන්දයේදී ඒකාබද්ධ විපක්ෂය තනිව තරඟ කළ යුතු බවට ප්‍රකාශ කර ඇති බව සී.බී. රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන අතරතුර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද එම ස්ථානයට පැමිණි බවයි මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories