රාජ්‍ය සේවක වැටුප සියයට 15කින් වැඩිවෙයි

Wednesday, 15 November 2017 - 8:17

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+15%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවයි ඔහු කියා සිටියේ.

මෙම වැටුප් වැඩිවීමට අනුව කාර්යාල කාර්ය සහයකයාගේ සිට නීතිපතිවරයා දක්වා වැටුප් වැඩි වනු ඇති.

ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවකයාගේ මූලික වැටුප රුපියල් 14,000සේ සිටරුපියල් 23,000 දක්වා වැඩි වන බවත්, නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දස දහස දක්වා වැඩි වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 60,000සේ සිට රුපියල් 69,756 දක්වා වැඩි වනු ඇති.

මේ අතර, අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි.

සිව්වන දිනය වූ ඊයේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ අදහස් දක්වන අතරතුර ඊට තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා මෙන්ම එම අවස්ථාවේ මුලසුනේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එඞ්වඞ් ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මැදිහත් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories