ඉන්ෆ්ලූවෙන්සා වෛරසය සීඝ්‍රයේ පැතිරී යාමේ අවදානමක්

Wednesday, 15 November 2017 - 13:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය මේ දිනවල පැතිර යන බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

සෑම වසරකම නොවැම්බර්,දෙසැම්බර් සහ ජනවාරි මාස වල ඉන්ෆ්ලූවෙන්සා රෝගයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ දිනවල පැතිිර යන්නේ ඉන්ෆ්ලූවෙන්සා බී වෛරසය වන අතර, පසුගිය මාසයේදී ඉන්ෆ්ලූවෙන්සා බී වැළදී ඇති බවට සැක කරන රෝගින් 300 ගේ සෙම සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 40 දෙනෙකුට එම රෝග කාරක වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇගපතේ වේදනාව,කෑම අරුචිය මෙහි රෝගී ලක්ෂණ වන අතර, කුඩා දරුවන්, ගර්භණි කාන්තාවන්, වයස්ගත වූවන් වැඩි වශයෙන් රෝගයට ගොදුරු වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories