සදුදා බැදුම්කර කොමිසමට එන්නැයි අගමැතිට දැනුම් දෙයි - ඇලෝසියස් ඇමතූ කෝප් සාමාජිකයන් 5 දෙනෙකු ගැන තොරතුරු

Thursday, 16 November 2017 - 19:04

%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන සදුදා බැදුම්කර පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව එම කොමිසම අද (16) නිවේදනය කළා.

ඒ විශේෂ සාක්ෂි විමසීමේ සැසිවාරයක් සදහා එම කොමිසම අද යළි රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී කොමිසම සදහන් කළේ තමන් යොමුකළ පළමු ප්‍රශ්නාවලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් ප්‍රකාශයකින් පිළිතුරු සපයා ඇති බවයි.

තවත් ප්‍රශ්නාවලියක් අග්‍රාමාත්‍යවරයාට යොමුකර ඇති බව ද එහිදී කොමිසම ප්‍රකාශ කළා.

මේ අතර, අද (16) පැවති විශේෂ සාක්ෂි විමසීමේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථන විශ්ලේෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ක ජයසිංහ සාක්ෂි ලබාදුන්නා.

ඔහු ඉදිරිපත් කළ වෝහාරික සන්නිවේදන විශ්ලේෂණ වාර්තාවේ දැක්වෙන්නේ 2015 වසරේ පෙබරවාරි මාස 25 වනදින පැවති ප්‍රශ්න ගත බැදුම්කර නිකුතුව අවසන් වී ටික වේලාවකට පසු එවක මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුම් දෙකක් ලබාදී ඇති බවයි.

මහබැංකුවට රුපියල් බිලියන 10 ක බැදුම්කර ලැබී ඇති බවට හිටපු මහබැංකු අධිපතිවරයා තමන්ට දැනුම් දුන් බව අග්‍රාමාත්‍යවරයාගෙන් මේ පිළිබදව විමසීමේදී ප්‍රකාශ කළේ යැයි එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන කියා සිටියා.

එම දිනයේදී අමාත්‍ය සාගල රත්නායක, එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඞ් පෙරේරා සහ අර්ජුන් මහේන්ද්‍රන් අතර ඇමතුම් සහ කෙටි පණිවුඩ හුවමාරු වී ඇති බව සාක්ෂිකරු සදහන් කළා.

ඊට අමතරව, ඔහු කියා සිටියේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහේන්ද්‍රන් අතර ද දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි.

ඔවුන් දෙදෙනා මාමා සහ බෑණනුවන් බැවින් ඇමතුම් ලබාදීම විශේෂයක් නොවන බව ප්‍රකාශ කළ රජයේ නිීතීඥවරයා කියා සිටියේ විමර්ශනයට අදාළ තොරතුරු ලබා ගැනීමට, ඇමතුම් තොරතුරු කොමිසම වෙත ඉදිරිපත් කරන බවයි.

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු, අර්ජුන් ඇලෝසියස්ගේ ලේකම්වරියක, රියදුරෙකු සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතර ද දුරකථන ඇමතුම් 15 ක් හුවමාරු වී ඇති බව ද සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම, අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අතර ප්‍රශ්න ගත බැදුම්කර නිකුතුව වූ සමයේ දුරකථන ඇමතුම් 27 ක් හුවමාරු වී ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ක ජයසිංහ සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

ඉන් 15 ක්ම හිටපු මහබැංකු අධිපතිරවයාගේ දුරකථනයෙන් ලබා ගත් ඒවා බව ද ඔහු ප්‍රකාශ කළා.

සාක්ෂිකරුට අනුව ඇමතුම් 8 ක් කාර්යාල වේලාවෙන් පිටතදී හුවමාරු වී ඇති අතර දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවුඩ ගණන 7 ක්.

මෙම ඇමතුම් හා කෙටි පණිවුඩ හුවමාරු වූ දිනයන් බැදුම්කර සිද්ධියට සම්බන්ධ බව රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළා.

බැදුම්කර සිද්ධියේදී සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ලන්සු තැබීමේ අවසන් තීරණය ගත් ඉන්දික සමන්කුමාර හා අර්ජුන් මහේන්ද්‍රන් අතර ද ඇමතුම් 30 ක් හුවමාරු වී ඇති බව අද කොමිසමේදි හෙළි වුණා.

ඊට අමතරව බැදුම්කර සිද්ධියේදී චෝදනා එල්ල වන තවත් නිලධාරින් රැසක් සමග අර්ජුන් මහේන්ද්‍රන් ඇමතුම් හුවමාරු කරගෙන ඇති බව ද සාක්ෂිකරු සදහන් කළා.

ප්‍රශ්නගත බැදුම්කර නිකුතුවට පෙර එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය බැංකු ප්‍රධානීන් හමුවී අඩු පොලී අනුපාතයකට ලන්සු තබන ලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, අර්ජුන් මහේන්ද්‍රන් අදාළ බැංකු ප්‍රධානීන්ට එක පිට එක ඇමතුම් ලබාදී තිබෙන බව ද මෙහිදී ඔහු කියා සිටියා.

අනතුරුව, අර්ජුන් ඇලෝසියස් ලබා ගත් ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ක ජයසිංහ සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු කියා සිටියේ අර්ජුන් ඇලෝසියස් සහ සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන් කුමාර ඇතුළු රාජ්‍ය ආයතනවල බැදුම්කර මිලදී ගැනීමේ බලය හිමි නිලධාරින් සමග දුරකථන ඇමතුම්වලට අමතරව, වයිබර් සහ වට්ස්ඇප් ඇමතුම් ද ලබාගෙන ඇති බවයි.

ඉන් ඇතැම් ඇමතුම් හුවමාරු වී ඇත්තේ බැදුම්කර වෙළදපොල පිළිබදව ඉතා රහසිගත තොරතුරු අනාවරණය කෙරෙන මහබැංකුවේ හමුවීම් පැවති දිනවලදී බවයි රජයේ නීතිඥවරයා කියා සිටියේ.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ 8 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ අර්ජුන් ඇලෝසියස් අතර ද දුරකථන සංවාද සිදුව තිබූ බව සාක්ෂිකරු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories