නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම මේ මස 27 වනදා

Friday, 17 November 2017 - 13:23

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83+27+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 27 වනදා නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද උදෑසන රැස් වූ අතර, අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව, අදාළ නිවේදනය නිකුත් කර දින 14 ක් ගත වූ පසු නාම යෝජනා කැඳවීම සිදුකරන බවත්, නිවේදනයක් නිකුත් කර දින දාහත හමාරක් ගත වූ පසු නාම යෝජනා කැඳවීම අවසන් කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව, නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මස 11 වනදා ආරම්භ වී 14 වනදා දහවල් 12 ට අවසන් වනු ඇති.

මේ අතර, පළාත් පාලන ආයතනවල සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කෙරෙන ආඥාවක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

ඒ, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජය කටයුතු කරන බවට එල්ල වූ චෝදනාවන්ට අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රතිචාර දැක්වීමත් සමඟයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories