බැඳුම්කර කොමිසමේදී නම් හෙළි වූ මන්ත්‍රීන් ගැන ඒකාබද්ධය, කථානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Friday, 17 November 2017 - 13:40

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%2C+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බැඳුම්කර කොමිසමේදී නම් හෙළි වූ මැති ඇමතිවරුන් පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කතානායකවරයාගෙන් අද (17) ඉල්ලීමක් කළා.

එමෙන්ම, වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක, කතානායකවරයාගෙන් ප්‍රශ්න කළේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන්නේ ද යන්නයි.

අර්ජුන අලෝසියස් සමඟ දුරකථන සබඳතා පැවැත්වූ බවට නම් කියැවුණු අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මේ පිළිබදව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

මේ අතර පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සමඟ දුරකථන සබදතා පැවැත්වූ කෝප් කමිටු සාමාජිකයන් 05 දෙනාගේ කෝප් කමිටු සමාජිකත්වය තහනම් කරන ලෙස ඉල්ලා කතානායකවරයා වෙත අද (17) දිනයේදී ලිපියක් බාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories