ගාල්ල - පොලිස් වසමේ ස්ථාන කිහිපයක ඇති වූ නොසන්සුතාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය පවසනවා.
එමෙන්ම එම ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ පැනවූ පොලිස් ඇදිරි නීතිය ද අද පෙරවරු 9ට ඉවත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
ගාල්ල පොලිස් වසමේ ගිංතොට නැගෙනහිර, ගිංතොට - බටහිර, වැලිපිටිමෝදර, මහ හපුගල, රුක්වත්ත, පියදිගම සහ කුරුඳුවත්ත ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ මෙලෙස ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
ඊයේ රාත්‍රියේම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 300 දෙනෙකු පමණ එම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
ඊයේ රාත්‍රියේ සිද්ධිය ඇතිවූ ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරුන් වන චන්දිම වීරක්කොඩි, ෆයිසර් මුස්තාෆා මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ විජේපාල හෙට්ටිආරච්චි ද එක්වුණා.
මේ අතර, තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

Follow US
Most Viewed Stories