එජාපය, රහස් පොලීසිය ගැන සැකෙන්

Saturday, 18 November 2017 - 18:43

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%2C+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
අර්ජුන ඇලෝසියස් සමග දුරකථන සබදතා පැවැත්වූ බව කියන කෝප් කමිටු සාමාජිකයින්ගේ මන්ත්‍රී වරප්‍රසාද සම්බන්ධයෙන් ගැටලූවක් පැන නැගී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (18) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ කියා සිටියේ බැදුම්කර කොමිසම හරහා පැන නැගුණු කරුණු සමග මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විශාල ගැටලූවක් මතුවී ඇති බවයි.

ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතැම් පාර්ශව සමග එක්වී මාධ්‍ය සංදර්ශන පවත්වමින් මන්ත්‍රීවරුන්ගේ චරිත ඝාතනය කිරීම දක්වා ගොස් ඇති බවට සැකයක් මතුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories