ගාල්ලේ ප්‍රදේශ කිහිපයක පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ - එස්.ටී.එෆ්. ආරක්ෂාව තවදුරටත්

Sunday, 19 November 2017 - 7:06

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ගාල්ල - ගිංතොට ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කරනු ලැබුවා.

මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ. කෙසේ වෙතත් ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව තවදුරටත් සපයා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරද ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ගිංතොට ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව ප්‍රකාශ කළා.
 
ගිංතොට ඇතුලූ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා රාත්‍රියේ සිට ඊයේ පෙරවරු 9 දක්වාද පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අතර, පසුව එය ඉවත් කෙරුණා.

සාමකාමී බව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඊයේ රාත්‍රියේද යළි පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවා.
 
එම ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories