ශ්‍රී ලංකාව, ජිනීවා මානව හිමිකම් මණ්ඩල ඇගයීමේ නිර්දේශ 177 ක් පිළිගනී

Sunday, 19 November 2017 - 7:09

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+177+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශ්ව කාලාවර්තක ඇගයීම ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

එහි 28 වන සැසිවාරයේදී මෙලෙස සම්මත කරගනු ලැබුවේ ශ්‍රී ලංකාව පිළිබඳ 03 වන කාලාවර්තක ඇගයීමයි.

එහිදී ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 28 වන සැසිවාරයේ සභාපතිවරයා වූ ජෝකින් ඇලෙක්සැන්ඩර් මාසා මාටෙලි ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීමේ යෝජනාවලිය සම්මත කරන ලෙස එහි ක්‍රියාකාරී කණ්ඩායමෙන් ඉල්ලා සිටියා.

පසුව එය සැසිවාරයේදී සම්මත වූ බව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
 
ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල කාලාවර්තක ඇගයීම පසුගිය සතියේ සිදුකෙරුණු අතර, ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් මෙහෙයවනු ලැබුවා.

අදාළ ඇගයීම මගින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ 230 න් 177 ක් ශ්‍රී ලංකාව පිළිගත් අතර, 53 ක් අවධානයට යොමු කිරීමට එකඟත්වය පළ කළා.

එමෙන්ම, ස්වෙච්ඡා ප්‍රතිඥාවන් 12 ක්ද ශ්‍රී ලංකාව එහිදී ලබාදී තිබෙනවා.
 
අදාළ නිර්දේශ සියල්ලම ඵලදායී වන බවයි ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම, එම නිර්දේශ වගකීමකින් යුතුව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත්, නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය යාන්ත්‍රණයන් තුළ ඒවා ක්‍රියාවට නැංවීම ලක් රජයේ අරමුණයි.

එමෙන්ම ඒ සඳහා සහය වන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories