සපුගස්කන්දේ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු මරුට

Sunday, 19 November 2017 - 7:29

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කැලණිය - බියගම මාර්ගයේ සපුගස්කන්ද - මාබිම මංසන්ධියේදී සිදුවු රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ පුද්ගලයින් 07 දෙනෙකු ගමන් කර තිබෙනවා.

එහිදී මියගොස් ඇත්තේ කහවත්ත සහ පල්ලේබැද්ද ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 02 යි මාස 04 ක් වන බිළිදෙකු සහ වයස අවුරුදු 01 යි මාස 03 ක් වන බිළිඳියක්.

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන්කළ අනෙක් පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories