විකල්පයකට සූදානම් - ඇමති සුසිල්ගෙන් ප්‍රකාශයක්

Sunday, 19 November 2017 - 7:39

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉතාමත් කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
 
කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ නිදහස් පක්ෂයේ බෙදීම තාවකාලික බවයි.

මීළඟ මැතිවරණයට පෙර සියල්ලන් එක්වීම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි බවද ඔහු එහිදී සඳහන් කළා. එමෙන්ම අත, බුලත් කොළය හෝ පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණයකට ඉදිරිපත්වීමේ විකල්ප පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
 
කෙසේ වෙතත්, බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමක් සිදුනොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories