සිම්බාබ්වේ ජනතාව, වෙනස සමරයි

Sunday, 19 November 2017 - 8:39

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වසර 37 ක් සිම්බාබ්වේ පාලකයා වූ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගෙන හමුදාව රටේ පාලනය සියතට ගැනීම එරට ජනතාව ඊයේ සමරනු ලැබුවා.

ඒ, හරාරේ අගනුවර පැවති දැවැන්ත රැළියකට එක්වෙමින්.

ඒ සඳහා දහස් ගණන් සිම්බාබ්වේ ජනතාව ජනාධිපති මුගාබේගේ නිවහන සහ කාර්යාලය ආසන්නයට රොක්වූ අතර, ඔවුන් පාලනය කිරීමට හමුදාව පියවර ගත්තා.

මුගාබේ පාලනය මෙතෙක් නිල වශයෙන් අවසන් නොවූවත් ඒ සඳහා සියලූ කටයුතු සිදුවෙමින් පැවතීම සිම්බාබ්වේ ජනතාවට අස්වැසිල්ලක් වී තිබෙනවා.

නිදහසේ සිය මතය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ සංවිධාන කෙරුණු රැළියට හමුදාවේ මෙන්ම පාලක සානු පී.එෆ්. පක්ෂයේද අනුග්‍රහය හිමිවූයේ ඒ නිසයි.

ඔවුන් ජනාධිපති මුගාබේට ඉල්ලා අස්වී විශ්‍රාම ගන්නා ලෙස හඩ නැගූ බව විදෙස් වාර්තා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories