ඇමරිකානු යුද නැවක් යළිත් ගැටේ

Sunday, 19 November 2017 - 10:15

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ඇමරිකානු නාවික හමුදාවේ යූ.එස්.එස්. බෙන්ෆෝල්ඩ් යුද නෞකාව, මධ්‍යම ජපානයට ඔබ්බෙන් මුහුදේදී ජපාන ටග් යාත්‍රාවක් හා ගැටී තිබෙනවා.

ජපාන සගාමි බොක්කේ අභ්‍යාසයක නිරතවන විටයි මෙම මිසයිල හාරක නෞකාව ඊයේ එලෙස ටග් යාත්‍රාවේ ගැටී ඇත්තේ.

එහිදී නෞකාවේ හෝ ජපාන යාත්‍රාවේ කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර, යුද නෞකාවට සුළු හානියක් සිදුව ඇති බව සඳහන්.

ඇමරිකානු යුද නෞකා පසුගිය කාලය තුළ මෙවැනි අනතුරු රැසකට මුහුණදුන්නා.

 පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකානු ජෝන් මැකේන් යුද නෞකාව සිංගප්පූරුවට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නෞකාවක ගැටීමෙන් සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ජූනි මාසයේ ජපාන යොකොසුකා වරාය ආසන්නයේදී බහළුම් නෞකාවක ගැටළු යූ.එස්.එස්. ෆිට්ස්ජෙරල්ඩ් නෞකාවටද හානි සිදුවූ අතර, සෙබළුන් 7දෙනෙකු එහිදී මියගියා.

තවත් ඇමරිකානු යුද නෞකා දෙකක් පසුගිය ජනවාරි සහ මැයි මාසවලදීද මෙවැනි අනතුරුවලට මුහුණදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories