පුංචි බොරැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

Sunday, 19 November 2017 - 10:19

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ - පුංචි බොරැල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පුංචි බොරැල්ල - බී.ඩබ්ලිව්. ප්‍රනාන්දු මාවතේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර, ඒ අසළ තිබී මිලිමීටර 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන හිස් කොපු 6 ක්ද සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් පමණ වන පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු ත්‍රී රෝද රථය පදවාගෙන යමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන තෙක් මළ සිරුර එම ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබෙනවා.

බොරැල්ල පොලිසිය මෙම වෙඩි තැබීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියාසිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories