ප්‍රචණ්ඩත්වය සහ කළහකාරී සිද්ධි ඇති කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අගමැති ගිංතොටදී කියයි

Sunday, 19 November 2017 - 12:47

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%82%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රචන්ඩත්වය සහ කළහකාරි සිද්ධීන් ඇති කරන  ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද උදෑසන නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

එහිදී ගිංතොට ප්‍රදේශවාසීන් සමග අග්‍රාමාත්‍යවරයා සුහද කථාබහකද නිරතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් දේපලවලට සිදුවූ හානි සඳහා වන්දි ලබාදීමටද පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් ගිංතොට පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 7 ක තවමත් පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ගිංතොට ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරිනීතියද අද උදෑසන 6 ට ඉවත් කරනු ලැබුවා.  ගිංතොට ඇතුලූ ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා රාත්‍රියේ සිට ඊයේ පෙරවරු 9 දක්වාද පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අතර, පසුව එය ඉවත් කෙරුණා. සාමකාමී බව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඊයේ රාත්‍රියේද යළි පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවා.

එම ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 16 වනදා පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන්.

එමෙන්ම 17 වනදා දෙපාර්ශවයේම පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ද මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.  

මීට අමතරව ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories