විදුලි අර්බුදයක් ගැන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

Sunday, 19 November 2017 - 12:49

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීම පමාවීම ජාතික ආර්ථිකයට බරපතල ප්‍රතිවිපාක ඇති කරන මූල්‍ය අර්බුදයකට මුල්විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් දමිත කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙත පසුගිය සිකුරාදා භාරදුන් බවයි.

නව විදුලි බලාගාර නිසි කළට ඉදි නොකිරීමෙන් විදුලි හිඟයකදී හදිසි මිලදී ගැනීම් සිදුකිරීම සඳහා රුපියල් බිලියන 50 ක පමණ අතිරේක වැයක් අවශ්‍ය වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.  

මේ අතර සපුගස්කන්ද විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අටෙන් තුනක් මේ වනවිට අක්‍රියවී ඇති අතර, ඒවා ප්‍රතිස්ථාපනය කිරීම ජනවාරි මාසය වනවිට අවසන් කළ හැකිවනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories