මීගමුව වෙරළ තීරයෙන් අත් බැද දැමූ කාන්තා මළ සිරුරක් හමුවේ - විශ්‍රාමික මේජර්වරයෙකුත් සැකපිට අල්ලයි (ඡායාරූප)

Sunday, 19 November 2017 - 15:21

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මීගමුව - කැපුම්ගොඩ දේවස්ථානය අසල මුහුදු තීරයේ පාවෙමින් තිබී අත් බැඳ  දැමූ කාන්තා මළ සිරුරක් අද සොයා ගෙන තිබෙනවා.

දිනපතා වෙරළ පිරිසිදු කිරීමට පැමිණෙන කාන්තාවක් විසින් මළසිරුර දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණා.

ඒ අනුව මෙම සිරුර සොයා ගත බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කිසියම් ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර පසුව අදාළ මළ සිරුර පොලිතින් උරයක බහා අත් ගැට ගසා මුහුදට දමන්නට ඇති බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.

අදාළ මළ සිරුර හදුනාගත නොහැකි අන්දමට විකෘති වී ඇති බව ද අප වාර්තාකරු සදහන් කළා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු දැනට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි ජා-ඇල පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව ද පොලීසිය ප්‍රකාශ කළා.



ඡායාරූප - කටුනායක, ප්‍රසාද්  මුතුකුඩ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories