අතුරුදන් ආජන්ටිනා සබ්මැරීනයක් සෙවීමේ කටයුතුවලට කාලගුණයෙන් බාධා

Monday, 20 November 2017 - 9:17

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
අතුරුදන් වූ ආජන්ටිනා නාවික හමුදාවට අයත් සබ්මැරීනය සෙවීමේ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඇමරිකාව, බ්‍රිතාන්‍ය, බ්‍රසීලය, චිලී රාජ්‍යයන් වලට අයත් ගුවන් සහ නාවික හමුදා එක්ව මෙම සබ්මැරීනය සෙවීමේ කටයුතු ආරම්භ කළේ පෙරේදා සිටයි.

කෙසේ නමුත්, සබ්මැරීනය අතුරුදන්වූ අත්ලාන්තික් මුහුදු තීරයේ මේ වනවිට පවතින දැඩි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එම මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.

කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකු සමඟ මෙම සබ්මැරීනය අතුරුදන් වූයේ පැටගෝනියා වෙරළට කිලෝමීටර් 400ක් පමණ ඔබ්බෙන් දකුණු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories