Update : තෙල් සංස්ථා නිලධාරීන්ගෙන් CID වෙත පැමිණිල්ලක්

Monday, 20 November 2017 - 13:37

Update+%3A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය අසත්‍ය ප්‍රචාර කරන්නන් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවට අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් අද(20) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළා.

ඒ, ඉන්ධන හිඟයක් මවාපාමින් සංවිධානාත්මක පිරිසක් කටකතා පතුරුවන බවට ලැබී ඇති තොරතුරු මත එවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්.

කෙටි පණිවුඩ(SMS) පවා භාවිත කරමින් මෙසේ අසත්‍ය ප්‍රචාර කරන බවට තොරතුරු ලැබී ඇති බවයි නිලධාරීන් පැමිණිලි කර ඇත්තේ.

මේ අතර සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ විසින් හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්ධන සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ද ඛනිජ තෙල් අමාත්‍යංශය හඳුන්වා දී ඇති අතර එවැනි ගැටළු පවතීනම් 011 5455130 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි එම අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර දිවයින තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව අපහසුතාවට පත් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.

ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වෙනවා.


"හදිසි මාධ්‍ය නිවේදනයකි

රටතුළ කිසිම ආකාරයක තෙල් හිඟයක් නැහැ - අමාත්‍යාංශ ලේකම් අවධාරණය කරයි

රටතුළ කිසිම ආකාරයක තෙල් හිඟයක් නොමැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ. ඒ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

“කිසියම් පිරිසක් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ප්‍රචාරය කරමින් සිටී. මේ තත්ත්වය තුළ පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත යමින් ඉන්ධන තොග රැස් කරන බව වාර්තා වේ. කෙසේ නමුත් රට තුළ කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් නොමැති බව අවධාරණය කරමි. එබැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. බාහිර පුද්ගලයින්ගෙන් අනවශ්‍ය ලෙස වැඩි මිලට ඉන්ධන මිලදී නොගන්නා ලෙසද අවශ්‍ය තරම් ඉන්ධන තොග අප සතුව ඇති බැවින් ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසද මහජනතාවට දැනුම් දෙමි. එමෙන්ම කිසියම් ගැටළුවක් ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකය 0115 455 130ට අමතන මෙන් කාරුණිකව දන්වා සිටිමි. අපගේ ගබඩාවලට පැමිණෙන සියලුම බවුසර්වලට කිසිඳු ප්‍රමාදයකින් තොරව ඉන්ධන ලබා දීමට හැකි බවද දන්වා සිටිමි...”- "



Update : Monday, November 20, 2017 15.19
---------------------------------------------------

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් අද(20) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, ඉන්ධන හිඟයක් මවාපාමින් සංවිධානාත්මක පිරිසක් කටකතා පතුරුවන බවට ලැබී ඇති තොරතුරු මත එවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්.

කෙටි පණිවුඩ(SMS) පවා භාවිත කරමින් මෙසේ අසත්‍ය ප්‍රචාර කරන බවට තොරතුරු ලැබී ඇති බවයි නිලධාරීන් පැමිණිලි කර ඇත්තේ.

මේ අතර සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ විසින් හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්ධන සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ද ඛනිජ තෙල් අමාත්‍යංශය හඳුන්වා දී ඇති අතර එවැනි ගැටළු පවතීනම් 011 5455130 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි එම අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර දිවයින තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව අපහසුතාවට පත් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.

ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වෙනවා.


"හදිසි මාධ්‍ය නිවේදනයකි

රටතුළ කිසිම ආකාරයක තෙල් හිඟයක් නැහැ - අමාත්‍යාංශ ලේකම් අවධාරණය කරයි

රටතුළ කිසිම ආකාරයක තෙල් හිඟයක් නොමැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ. ඒ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

“කිසියම් පිරිසක් රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට ප්‍රචාරය කරමින් සිටී. මේ තත්ත්වය තුළ පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත යමින් ඉන්ධන තොග රැස් කරන බව වාර්තා වේ. කෙසේ නමුත් රට තුළ කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් නොමැති බව අවධාරණය කරමි. එබැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. බාහිර පුද්ගලයින්ගෙන් අනවශ්‍ය ලෙස වැඩි මිලට ඉන්ධන මිලදී නොගන්නා ලෙසද අවශ්‍ය තරම් ඉන්ධන තොග අප සතුව ඇති බැවින් ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසද මහජනතාවට දැනුම් දෙමි. එමෙන්ම කිසියම් ගැටළුවක් ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකය 0115 455 130ට අමතන මෙන් කාරුණිකව දන්වා සිටිමි. අපගේ ගබඩාවලට පැමිණෙන සියලුම බවුසර්වලට කිසිඳු ප්‍රමාදයකින් තොරව ඉන්ධන ලබා දීමට හැකි බවද දන්වා සිටිමි...”- "


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories