මස්කෙළිය ප්‍රදේශයේදී හත් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස්කෙළිය, හපුගස්තැන්න තේ වතුයායේ, උඩ කොටසේ පදංචි මෙම දැරිය හපුගස්තැන්න දෙමළ විදුහලේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වත්තෙහි මුරකරු ලෙස සේවය කරන 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
අදාළ දැරිය ඊයේ (20) පාසලේ පැවති අමතර පන්තියකින් පසු නැවත නිවස බලා යමින් සිටියදී මග රැක සිටි සැකකරු, දැරිය බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කර ඇති බවට ඇය ඉගෙන ගන්නා පාසලේ විදුහල්පති සෙල්ලයියා ජෝතිවේල් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඊයේ (20) රාත්රියේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක පැවසුවේ අදාළ සැකකරු සහ දියණිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත යොමුකර ඇති බවයි.
පසුව සැකකරු වෛද්‍ය වාර්තාව සමඟ හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මස්කෙළිය පොලිසිය මගින් ක්‍රියාත්මකයි.
මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Follow US
Most Viewed Stories