මාර්ග අනතුරු ඉහළ යාමට හේතුව ත්‍රිරෝද රථ - ඇමති ගයන්ත පාර්ලිමේන්තුවට කියයි (ඡායාරූප)

Tuesday, 21 November 2017 - 15:03

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දුම්රිය හරස් මාර්ග අසලදී රථ වාහන දුම්රියේ ගැටීමෙන්  සිදුවන අනතුරු සීග්‍රයෙන් ඉහල ගොස් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

මේ නිසා සියලූ දුම්රිය හරස් මාර්ග අසල ජනතාව දැනුවත් කිරීම සඳහා පරාවර්තිත පුවරු සවි කිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේ.

එහි පළමු වැඩසටහන හෙට ආරම්භ වන්නේ පන්නිපිටිය දුම්රිය ස්ථානය අසලින්.

මේ යටතේ දුම්රිය හරස් මාර්ගය අසල අඩි 90ක් දුරින් පරාවර්තිත පුවරු 03 බැගින් සවි කරන බව සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර, හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අද අලූයම ද අනතුරක් සිදුවුණා.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ බාධා එල්ල වූ දුම්රිය ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියටයි අදාළ කන්ටේනර් රථය ගැටී ඇත්තේ.

අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී රියදුරු විසින් අදාළ කන්ටේනර් රථය හරස් මාර්ගයට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේ දී ද වේයන්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී ද අනාවරණ වුණේ දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කර ඇති බවයි.

එමෙන්ම දුම්රියේ සහ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ජායාරූප ගැනීමට ගොස් මේ වසරේ දී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ද දුම්රිය ස්ථානයේ දැන්වීම් පුවරු සවි කිරීමට පියවර ගන්නා බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ද රිය අනතුරු සම්බන්ධයෙන් කතාබහට ලක්වුණා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ ත්‍රිරෝද රථ නිසා මාර්ග අනතුරු ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු වලට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

මෙලෙස පීළි පැනීමට ලක්ව ඇත්තේ අද අළුයම 5.45 බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ සිඝ්‍රගාමී දුම්රියයි.

මීට අමතරව දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන අතර මාර්ගයට ඊයේ රාත්‍රියේ ගසක් කඩා වැටීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ තවමත් ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.




ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories