හලාවත දී හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 22 November 2017 - 9:11

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 2කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක් සමඟ හලාවත දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදියි.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මුහුදු මාර්ගයෙන් මෙම හෙරොයින් මෙරටට ගෙනවිත් ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු හලාවත - කොළණිවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය කාලසීමාව තුළ මුහුදු මාර්ගයෙන් හෙරොයින් මෙරටට ගෙන ඒමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories