ආවා කල්ලියේ 5ක් අල්ලයි

Wednesday, 22 November 2017 - 14:51

%E0%B6%86%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යාපනයේ ක්‍රියාත්මක ආවා නැමැති පාතාල කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයින් 05 දෙනෙකු පසුගිය මාස 04 තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇති බව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පවසනවා.

ආවා කල්ලියේ ප්‍රබල සමාජිකයින් 04 දෙනෙකු පසුගිය 19 සහ 21 දෙදින තුළදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වූ අතර පසුගිය අගෝස්තු 05 වැනිදා ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් සමඟ ත්‍රීරෝද රථයක් , මෝටර් බයිසිකල් 02 ක් , ජංගම දුරකතන 02 ක්, කඩු දෙකක් සහ කිනිසි 02 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිය හා සාමය මහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ගේ උපදෙස් පරිදි මේවන විට “ආවා” කල්ලිය මර්නදය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ අපරාධවලට යොදාගත් යතුරුපැදියක් සහ කඩුවක් සමග ආවා කල්ලියේ සාමාජිකයෙකු ඊයේ කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 13 සහ 14 යන දිනවල කෝපායි සහ මානිප්පායි පොලිස් වසම් තුල සිදුකරන ලද සාහසික ක්‍රියාවලට අදාළවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කෝපායි පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මෙහෙයුම සිදුකර තිබෙනවා.

කෝපායි පොලිස් වසමේ නිවසකට ඇතුලුවී ගිනි තැබීම සහ පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම / කෝපායි පොලිස් වසමේ නිවසකට ඇතුලුවු පුද්ගලයන් දෙදෙනෙකුට කඩුවලින් පහරදී තුවාල සිදු කිර වෑන් රථයකට අලාභ හානි කිරීම සහ යතුරුපැදියක් කොල්ලකෑම / කොන්ඩාවිල් ප්‍රදේශයේ හෝටලයකට පහරදී රුපියල් ලක්ෂ 8 ක පමණ දේපළවලට අලාභ හානි කිරීම සහ රුපියල් 20000 ක මුදල් කොල්ලකෑම මෙන්ම මනිප්පායි නවාලි ප්‍රදේශයේදී යතුරුපැදියකට ගිනි තබා අලාභ හානි කිරීමට මෙම සැකකරු සහ ඔහු සමග සිටි සෙසු සැකකරුවන් සම්බන්ධ බවට පොලිසිය ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ කරගෙන තිබෙනවා.

අවුරුදු 16 ක් වන සැකකරු යාපනය බ්‍රවුන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීම්වලදී ආවා කල්ලියේ තවත් සාමාජිකයන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශණ සිදු කෙරෙන අතර සැකකරු අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories