රත්නපුරේ උසස් පෙළ සිසුවියක් ගෙල වැළලාගනියි (ඡායාරූප)

Thursday, 23 November 2017 - 13:35

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රත්නපුර - චෙත්තනාව, මැදගම, ගල්කඩ ප්‍රදේශයේ නිවසකදී උසස් පෙළ සිසුවියක් ගෙල වැළලාගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි තරුණියක්.

ඊයේ (22) පස්වරුවේ ඇයගේ මව ඥාතියෙකුගේ නිවසකට ගොස් සිටියදී මෙම තරුණිය ගෙල වැළලාගෙන තිබෙනවා.

රාත්‍රියේ තරුණියගේ මව නැවත පැමිණි විට දක්නට ලැබුණේ නිවසේ සියලුම දොර ජනෙල්වලට අගුලු දමා තිබූ අයුරුයි.

පසුව පිටුපස දොර කඩා ගෙතුළට ගිය ඇයට දැකගැනීමට ලැබුණේ සිය දියණිය සාරියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටි අයුරුයි.

එම මව, සාරිය මැදින් කපා දියණිය බිමට ගෙන ඇති අතර ඒ වනවිටත් ඇයගේ හුස්ම තිබූ බවයි වාර්තා වන්නේ.

එම තරුණිය වහාම මැදගම රෝහලට රැගෙන යාමට මව කටයුතු කර තිබෙනවා.

ඒ යන අතරමගදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මරණයට පත්වූ තරුණිය පවුලේ එකම දියණිය වන අතර පියා මැදගම ලංගම බස් ඩිපෝවේ කාර්මික නිළධාරියෙකු ලෙස සේවය කරනවා.

මෘත ශරීරය මේ වනවිට රත්නපුර රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

පෙම් සබඳතාවක් මුල්කොටගෙන මෙම ගෙල වැළලා ගැනීම සිදුකරගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කුරුවිට පොලිසිය මගින් ක්‍රියාත්මකයි.


පැල්මඩුල්ල - ජී. ඒ. එස්. ගමඇතිගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories