ලග්ගලදී පාසල් සිසුන් ප්‍රවාහනය කල බස් රථයක් පෙරලේ

Thursday, 23 November 2017 - 17:11

%E0%B6%BD%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A
ලග්ගල - ගුරුවෙල හන්දිය ප්‍රදේශයේදී පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස්රථයක් පෙරලීමෙන් එහි ගමන් ගත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් ලග්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ පසු වූ සිසුන් තුන්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගනය මහරෝහලට මාරු කර යැවුණු බවයි ලග්ගල පොලීසිය සදහන් කළේ.

අද දහවල් මෙලෙස අනතුරට ලක්වුණේ මහවැලි අධිකාරියට අයත් බස් රථයක් වන අතර, එහි ගමන් ගත් වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සිසුන් ලග්ගල - පල්ලේගම මධ්‍ය මහා විද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන බවයි පොලීසිය කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories