මහියංගණය වියානා ඇලට මෝටර් රථයක් පෙරලී අඹුසැමි යුවළක් මරුට

Thursday, 23 November 2017 - 17:28

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මහියංගණය මාපාකඩ ප්‍රදේශයේදී මහවැලි වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන්ගේ 17 හැවිරිදි පිරිමි දරුවා අතුරුදන්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක් සහ 40 හැවිරිදි කාන්තාවක්.

මෝටර් රථයේ සිටි තවත් පිරිමි ළමයෙක් දිවි බේරාගෙන තිබෙනවා.

ඔහු අතුරුදන්වු 17 හැවිරිදි ළමයාගේ නිවුන් සොහොයුරා බවට හෙළිවී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෝටර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරනවා.

මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ සිට මහියංගණ කන්දකැටිය ප්‍රදේශයට යමින් සිටියදී අනතුර සිදුව ඇතැයි සඳහන්.

අතුරුදන්වූ ළමයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories