කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Friday, 24 November 2017 - 7:57

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+18+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්  කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට  පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු අටේ සිට පසුදා අලූයම 2 දක්වා කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

එසේම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටද, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories