කුලියාපිටියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි (ඡායාරූප)

Friday, 24 November 2017 - 11:23

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුලියාපිටිය - කඹුරාපොල - මූණමල්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු  ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ නිවසක පැවති උපන්දින සාදයක ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු තවත් අයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති බව සඳහන්.

ඉන් තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු 32 හැවිරිදි මූණමල්දෙණිය -බුත්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
ඡායාරූප - කුලියාපිටිය උපේන්ද්‍ර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories