බැසිල්ගේ ලිත් නඩුව විභාගයට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

Friday, 24 November 2017 - 13:44

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද විභාගයට ගැනීමට නියමිතව තිබු ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි ලිත් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අද (23) අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ එම නඩුව විභාගයට නොගෙන වෙනත් විනිසුරුවරයෙක් හමුවේ එය විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අභියාචනා පෙත්සමක් ගොනුකර තිබුණා.

ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි නීතිපතිවරයා විසින් එම නඩුව පවරනු ලැබ තිබෙනවා.

සිල් රෙදි නඩුවේ විත්තිකරුවන් වු රාජ්‍ය සේවකයින්ට සිරදඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා හමුවේ තමන්ගේ නඩුව විභාග කරනු ලැබුවහොත් තමුන්ට සාධාරණය හා යුක්තිය ඉටු වීමේ ප්‍රවණතාව අඩු බව පෙන්වා දෙමින් හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුනා.
 
මේ අනුව අභියාචනාධිකරණය අද නියම කළේ එම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ එම නඩුව විභාගයට ගැනීම නතර කරන ලෙසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අභියාචන පෙත්සම ලබන දෙසැම්බර් 13 විභාගයට ගැනීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories