ඔස්කා පිස්ටෝරියස්ට තවත් අධිකරණ නියෝගයක්

Friday, 24 November 2017 - 14:36

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකානු ආබාධිත ඔලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස්ට ලබා දී තිබූ වසර 6ක සිර දඬුවම වසර 13යි මාස 5ක් දක්වා දීර්ඝ කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.

සිය පෙම්වතිය ඝාතන චෝදනාව වෙනුවෙන් මීට පෙර ඔහුට ලබාදී තිබුනේ වසර 6 ක සිර දඩුවමක්.

රජයේ නීතිඥවරුන් පෙන්වාදී ඇත්තේ මෙම ඝාතනය වෙනුවෙන් ලබාදුන් සිර දඩුවම ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුවයි සිර දඩුවම දීර්ඝ කෙරුනේ.

2013 වසරේ ආදරවන්තයන්ගේ දිනයේදී පැරාලිම්පික් ශූරයා සිය පෙම්වතිය ඝාතනය කළ බවට පිළිගෙන තිබෙනවා.

ඔහුට මීට පෙර වසර 6 ක සිර දඩුවම ලබාදුන් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

එමෙන්ම අද දිනයේදී පැරා ඔලිම්පික් ශූරයා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories