හෙට සහ අනිද්දා වැසි තත්ත්වයේ වැඩිවීමක්

Friday, 24 November 2017 - 14:59

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයිනට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලිසහගත තත්ත්වය හේතුවෙන් හෙට සහ අනිද්දා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා වූ තද වැසි ඇති විය හැකි බවයි.

ඊට අමතරව ගාල්ල සිට හම්බන්තොට සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories