දියේ ගිලුනු දැරියක් බේරා ගැනීමට ගොස් සිදුවු ඛේදවාචකය (ඡායාරූප)

Friday, 24 November 2017 - 16:21

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව - මාමඩුව වැවේ නෑමට ගිය පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අවුරුදු 15 ක ගැහැණු ළමයෙකු සහ ඇයගේ අවුරුදු 25ක් වන සහෝදරයා මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

ඔවුන් දෙදෙනා වව්නියාව මහරම්බකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

පවුලේ ඥාතීන් සමග අද සවස වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දැරිය දියේ ගිලී ඇති අතර ඇය බේරා ගැනීමට ගිය ඇයගේ සහෝදරයා ද දියේ ගිලී තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර වව්නියාව රෝහලේ තැන්පත් කර තිබෙනවා.





ඡායාරූප - වව්නියාව මාධව කුලසුරිය / රොමේෂ් මධුසංක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories