වංචා, දුෂණවලට එරෙහිව ජනතාව සමඟ සටන් කිරීමට සූදානම් බව ජනපති කියයි

Friday, 24 November 2017 - 16:24

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වංචා, දූෂණවලට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට තමාට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ නම් සියලූ තනතුරු අතහැර ජනතාව සමඟ එක්ව එම සටන ඉදිරියට ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, නිකවැරටියේ අද පැවැති ජන හමුවක් අමතමින්.

වැරදි කළ නිසා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ බවත්, ආණ්ඩුවේ සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද එලෙසින් වැරදි සිදුකරන්නේ නම්, එය ජනතාව අනුමත නොකරන බවත්, ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ පැවති දුෂිත පාලනය වෙනස් කර ජනතාව අලූත් ආණ්ඩුවක් බලයට පත් කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙලක් සඳහා බවයි.

ඒ අනුව ජනතා අපේක්ෂා ඉටු කිරීමට, නිවැරදි ගමනක් යාමට සියලූ දෙනා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබදව චෝදනා එල්ල කල ද නිදහස් පක්ෂයට අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මනින් මැතිවරණයකට යාම බව ද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් පසුගිය රජය සිදුකළ වැරදි සහ අඩුපාඩු එලෙසම සිදුකරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේ.  

මෙම  අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද එක්ව සිටියා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරමින් සිටින බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories