Update : ඊජිප්තුවේ දේවස්ථානයකට එල්ලවු ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

Friday, 24 November 2017 - 18:43

Update+%3A+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+235%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊජිප්තුවේ දේවස්ථානයක දේව මෙහෙය අතරතුර එල්ලවු සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඊජිප්තු කැරළි කණ්ඩායමක් විසින් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර මෙවැනි දරුණුතම ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය බවයි.

ප්‍රහාරය එල්ලවු දේවස්ථානය පිහිටි උතුරු සිනායි ප්‍රාන්තය අයි එස් කැරළිකරුවන් ක්‍රියාකාරී ප්‍රදේශයක් ලෙසට සැලකෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් හෝ භාරගෙන නැහැ.

Friday, 24 November 2017 - 20.54
------------------------------------------------------------

ඊජිප්තුවේ දේවස්ථානයකට එල්ලවු බෝම්බ සහ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 200 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

සිකුරාදා දේව මෙහෙය අවසන්වීමත් සමගයි ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

තුවාල ලැබු 125 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

Friday, 24 November 2017 - 20.31
------------------------------------------------------------

ඊජිප්තුවේ දේවස්ථානයකට එල්ලවු සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 155 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා රොහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

ඔවුන්ගෙන් ඇතැම් පුද්ගලයන්ගේ තත්වය බරපතල බව ද සඳහන්.

සිකුරාදා දේව මෙහෙය අවසන් වන අවස්ථාවේ වාහන 4 කින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

Friday, 24 November 2017 - 19.16
------------------------------------------------------------
ඊජිප්තුවේ උතුරු සිනායි ප්‍රදේශයේ දේවස්ථානයකට එල්ලවු ප්‍රහාරයකින් පුද්ගලයන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කෙරෙනවා.

දේවස්ථානයට බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි සඳහන්.

මෙම ප්‍රහාරය සැලවු වහාම ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

වසර 3 ක පමණ කාලයක සිට ඊජිප්තු ආරක්ෂක අංශ එරට ක්‍රියාත්මක ඉස්ලාමීය කැරළිකරුවන්ට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

කැරළිකරුවන්ගේ ප්‍රහාර හමුවේ මේවන විට පොලිස් සහ හමුදා සාමාජිකයන් ද ඇතුලුව සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමිවී තිබෙනවා.

ඉස්ලාමීය කැරළිකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය ආරක්ෂක අංශ සාමාජිකයන් වුව ද ඇතැම්විට සාමාන්‍ය ජනතාව ද ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලකරන බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories