හෙට, කොට්ටාව අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Saturday, 25 November 2017 - 11:24

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොට්ටාව ජල නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට පස්වරු 06 සිට පසුදින අලුයම 02 දක්වා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ කොට්ටාව, පන්නිපිටිය, දෙපානම සහ රුක්මලේ යන ප්‍රදේශවලට මෙහිදී ජල සැපයුම නතර වනු ඇති බවයි.

මේ අතර අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පෙරවරු අටේ සිට පසුදා අලුයම 02 දක්වා කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

එසේම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටද, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories