ශ්‍රී ලංකාවේ ප්‍රථම නැනෝ චන්ද්‍රිකාව 2020 දී උඩුගුවනට

Saturday, 25 November 2017 - 13:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%9D+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+2020+%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7
ශ්‍රී ලංකාවේ ප්‍රථම නැනෝ තාක්ෂණ චන්ද්‍රිකාව වසර 2020 දී උඩු ගුවනට යැවීමට නියමිත බව චීන ෂිංහුවා පුවත් සේවය වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කරන්නේ ආතර් සී. ක්ලාක් තාක්ෂණ සහ පර්යේෂණ සංවර්ධන ආයතනයයි.

අභ්‍යාවකාශ තාක්ෂණය රොබෝ තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂඥතාවක් සහිත එමගින් මෙරට චන්ද්‍රිකා තාක්ෂණය සංවර්ධනය සඳහා රුසියාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹී තිබෙනවා.

රුසියාවේ සමාරා ගගන තාක්ෂණ විශ්වවිද්‍යාලය සමඟ එලෙස ගිවිසුමකට එළඹ ඇත්තේ විශේෂයෙන් නැනෝ තාක්ෂණ චන්ද්‍රකාවක් උඩුගුවනට යැවීමේ අරමුණින්.

ඒ අනුව මෙරට ප්‍රථම නැනෝ තාක්ෂණ චන්ද්‍රිකාව නිෂ්පාදනය කිරීම ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත අතර, එය වසර 2020 දී උඩු ගුවනට යැවීමට නියමිතයි.

මෙම චන්ද්‍රකාව මගින් සන්නිවේදන ඡායාරූප, කාලගුණ දත්ත මෙන්ම කෘෂිකාර්මික වැවිළි, සුනාමි අවදානම් තොරතුරු සහ නෞකා සහ මුහුදු යාත්‍රාවල පිහිටීම දැන ගැනීමට ද හැකි වනු ඇති.

නැනෝ තාක්ෂණ චන්ද්‍රිකාව මගින් විශාල චන්ද්‍රිකාවකින් ආවරණය කරන ප්‍රදේශයක් ආවරණය කිරීම ද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories