නස්බි සාමිවරයාගේ ප්‍රකාශය, ජාත්‍යන්තරයේදී ප්‍රයෝජනයට ගැනීමට සූදානම් - විදේශ ඇමති පාර්ලිමේන්තුවට කියයි

Saturday, 25 November 2017 - 13:20

%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි වාර්තා ඉදිරිපත් කරන බව එංගලන්තයේ නෙස්බි සාමිවරයා ප්‍රකාශ කළ ද, මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය එම ප්‍රකාශයෙන් ප්‍රයෝජනයක් නොගන්නා බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද චෝදනාවක් එල්ල කළා.

ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය යුද අපරාධ චෝදනා ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉවත් කර ගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා ප්‍රකාශ කළේ මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසියකට එක්වෙමින්.

අද විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට පෙර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අමාත්‍යාංශ නිවේදන යටතේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදහස් පළ කළේ මෙලෙසින්.

"එංගලන්ත සාමි මණ්ඩලයේදී නෙස්බි සාමිවරයා මානව හිමිකම් මණ්ඩලයේ නිරුවත හෙළි කළා. මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නා. එහෙත් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ වර්ධනයන් පිළිබදව විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. මෙවැනි තීරණාත්මක, වැදගත් කරුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි නේද? නෙස්බි සාමිවරයා සිදුකළ ප්‍රකාශය අප ප්‍රයෝජනයට ගන්නේ කවදාද ?"

එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන කියා සිටියේ අදාළ ප්‍රකාශය සුදුසු සංවාද මණ්ඩපයකදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

"නෙස්බි සාමිවරයා, එංගලන්ත සාමි මණ්ඩලයේදී සිදුකළ ප්‍රකාශය අප නොසලකා හරින්නේ නැහැ. ඔහු එම වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පර්යේෂණ සිදුකර තිබෙනවා. එමෙන්ම එම තොරතුරුවලට දත්ත එක්කොට ආකර්ශනීය ලෙසින් ඉදිරිපත් කර ඇති බව කිව යුතුයි. එහෙත් ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාවර්ත ඇගයීම එම ප්‍රකාශයෙන් ප්‍රයෝජනයට ගැනීමට සුදුසු අවස්ථාව නොවේ. එලෙස අනවශ්‍ය මොහොතක ඉදිරිපත් කළහොත් ඊට වැරදි අර්ථකථන ඉදිරිපත් කිරීමට ඇතැමෙකුට අවස්ථාව උදාවේවි. නෙස්බි සාමිවරයාගේ වාර්තාව මගින් දරුස්මාන් වාර්තාව ඇතුළු වාර්තා රැසක දෝෂ පෙන්වා දෙනවා. විශේෂයෙන් යුද්ධයේදී සිවිල් වැසියන් 40,000 ක් මිය ගිය බව කිසිසේත්ම විශ්වාස කළ හැකි කරුණක් නොවේ. මේ නිසා නෙස්බි සාමිවරයාගේ අදාළ ප්‍රකාශය සුදුසු සංවාද මණ්ඩපයකදී ඉදිරිපත් කිරීමට අප සූදානම්."


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories