ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරඟ කරන්නේ ද යන්න තීරණය කිරීම, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට භාර දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂය සමඟ පවතින දේශපාලන ගමනෙන් ඉවත් වන්නේ නම්, එක්වීම පිළිබඳ විරෝධයක් නොමැති බවයි සාකච්ඡාවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙහිදී සදහන් කළේ.

Follow US
Most Viewed Stories