දැරණියගලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ ස්ථානයට මීටර් 60 ක් පමණ දුරකින් තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඔහු හිඟුරල මාලිබොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන තෙක් මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබෙනවා.
ඊයේ රාත්‍රී 7.15 ට පමණ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබු අතර ඇයගේ දියණියන් දෙදෙනා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය කළ වැඩිදුර විමර්ශණවලදීයි පිරිමි පුද්ගලයාගේ මළ සිරුර හමුවී ඇත්තේ.
ඝාතනයන්ට සම්බන්ධ සැකකරු සොයා දැරණියගල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
update : Sunday, 26 November 2017 - 11.16
--------------------------------------------------------------------------------
දැරණියගලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ කුඩා දරුවන් දෙදෙනාට තුවාල සිදු කළ පුද්ගලයෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 7.15 ට පමණ දැරණියගල පොලිස් වසමේ රංවල මාලිම්බඩ ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මියගොස් ඇත්තේ අවුරුදු 42 ක කාන්තාවක්.
ඇයගේ අවුරුදු 4 සහ 7 වයස්වල පසුවන දියණියන් දෙදෙනා තුවාල ලබා දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරෙන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ ඝාතනය සිදුවු ස්ථානයේ තබා තිබෙනවා.
මියගිය කාන්තාවගේ නැගණිය සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වු පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවටයි කරුණු අනාවරණ වී ඇත්තේ.
සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Follow US
Most Viewed Stories