මාතර ද්විත්ව කාන්තා ඝාතනයක්

Sunday, 26 November 2017 - 16:20

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාතර - නාවිමන උතුර - තුන්බෝධිය ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්  කළේ කිසියම් පිරිසක් ඔවුන් පදිංචිව සිටි නිවස වෙත පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අදාළ නිවසේ රැදී සිටි 80 හැවිරිදි නැන්දම්මා සහ 38 හැවිරිදි ලේලියයි.

ඇයගේ ස්වාමි පුරුෂයා අද දහවල් නිවසට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතන සිදුව ඇති බවට දැක ගත හැකිව තිබෙනවා.

ඉන් අනතුරුවයි ඔහු මේ පිළිබඳ පොලීසිය දැනුවත් කර ඇත්තේ.

මිය යන විට ඔහුගේ බිරිඳ මාස 3ක ගැබිණියක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඝාතනය සිදුකළ සැකකරුවන් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories