අගමැති, එජාප මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡාවක

Monday, 27 November 2017 - 8:15

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවත්වෙනවා.

පලාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු මෙන්ම දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහුණදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමටද මෙහිදී අපේක්ෂා කරන බව වාර්තාවනවා.

එමෙන්ම පලාත් පාලන සහ පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඉදිරිපත් ව ඇති විශ්වාසභංග යෝජනා පිලිබදවද මෙහිදි සාකච්ජා කිරිමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories