පිහියකින් පහර දී දෙදෙනෙකුට තුවාල සිදුකළ සිසුවා පරිවාස භාරයට

Tuesday, 28 November 2017 - 9:40

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
කොස්ගොඩ ප්‍රදේශයේ පිහියකින් පහර දී සිසුන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකාර සිසුවා ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ ලබන මස 13 වන දා දක්වා මොහු ගාල්ල - කිතුලම්පිටිය ළමා රැදවුම් නිවාසයේ රදවා තබන ලෙසටයි.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ නවෝද්‍යා පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර ඊයේ බහින්බස්වීමක් සිදුව තිබුණා.

එය දුරදිග ගොස් එක් සිසුවෙකු අනෙක් සිසුවාට පිහියකින් ඇන ඇති අතර, එය ව්‍යර්ථ කිරීමට යාමේදී තවත් සිසුවෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories